වහල්ලු
හඳයා, උපාලිස්ගේ කකුල ලෙවකෑවේය. නින්දෙන් අවදි වුණු ඔහු පළමුව තම දෙපා දෙස බැලුවේ කෝපයෙනි. ඌ යලිත් ඔහුගේ කකුල ලෙවකෑවේය . කඳුළෙන් තෙත් වුණු මහල්ලකුගේ දෙඇස සිහි කරවන උගේ දෙඇසත් තමාදෙසට හරවනලද සැලෙන මස්පිඩු සහිත හොම්බත් දුටු උපාලිගේ කෝපය මැඩගෙන නගින්නේ කාරුණික හැඟීමකි.
"වරෙන් - වරෙන් - මෙහාට වරෙන්... " යි ඔහු සෙමින් කීවේය. හඳයා තම ඉස්සරහ ගාත් දෙකකින් එකක් සෙමින් ගෙපිලෙහි තැබුවේය. අනතුරුව අනික් ගාතයද , ඉතා අමාරුවෙන් පස්සාගාතයද, උස්සා ගෙපිලෙහි තැබුවේය. ඌ අනික් පස්සාගාතයද තබා ගෙපිළට න්ගුණේ කන්දකට නගින්නකුමෙන් මහන්සිවීමෙනි.
"ඉතිං ඇති...."
හඳයා යලිත් උපාලිගේ පිටිඅල්ල ලෙවකා අනතුරුව ගෙහි උළුවස්ස දෙස බැලුවේය.
දොර ඇරගෙන බරාඳයට පැමිණි උපාලිස්ගේ බිරිඳ,
බැහැපන් - බැහැපන් මිදුලට" කියමින් හඳයාගෙ හිසට අතගසා ඌ තල්ලු කළාය. කීකරු දරුවකු මෙන් ඌ ආපසුහැරී මිඳුලට බැස උපාලිගේ ඇඳ දෙස මද වේලාවක් බලා සිට ගමන්කළේය.
ඌ මදක් තැන් ගොස් හිස පස්සට හරවා ගස්සා "කිස්" හඬින් වල්ගය ගැසුවේය. උගේ කොන්දෙහි හා පිටෙහි ඇලීසිටි කෝඳුරුවෝ, සුළඟින් නගනලද දූවිලිකඩක් මෙන් නැගේය.
"හඳයා මෙයාට නිදාගනවත් දෙන්නෑ. හැමදාම උදේ ඇවිත් අවදි කරනවා" යි බිරිඳ කීවාය.
"දැන් වෙලාව කීයට විතර ඇත්ද?"
"තාම කපුටන් හඬනවා. දැන් හයට විතර ඇති" යී කියමින් වටපිට බැලුවාය. නියන් කොබෙයියකු "ක්කුවෝ - ක්කුවෝ" යි නඟන හඬ ඈට ඇසෙයි. දෙතුන් වර්ගයක නළා හඬවන නලාකාරයන් මෙන් කුරුල්ලක් කීප දෙනෙකුන් නගන මිහිරි හඬද ඈට ඇසෙයි.
"හඳයා හැමදාම උදේ ඇවිත් මෙයාගෙ කකුල ලෙවකාලා මෙයා අවදිකරනවා. ඌ කාටවත් විකුනාදාන්න ඕනෑ ... "
" නෑ - නෑ ඌ කාටවත් විකුනන්නෙ නෑ" යී උපාලිස් කීය.
තම ජීවිතය හඳයාගෙ ජීවිතය හා අත්වැල් බැඳගත්තක් බව උපාලිස් දනී. කරත්තකාරයෙකු ලෙස ජීවත්වූ ඔහු දෙවන වර මිලදී ගත් හරකා හඳයා වෙයි. දරුවන් දෙදෙනෙක්ත් සමග යන්තම් කා බී ජීවත් වීමට ඔහුට උදව් කලේ හඳයාය.
උපාලිස් උදයෙන් නැගී හඳයා තමාගේ කූඩු තිරුක්කලයෙහි. බැඳගෙන පොල් ඔය පාලම අසලට යයි. ගාල්ලේ උසාවියට හෝ එහි වෙන කාරියකට හෝ යන තිදෙනෙකුන් කරත්තයෙහි නන්වාගන්නා ඔහු, නවය වන්නට පෙර කඩවතට ලඟාවෙයි. ඔහු කඩවත පාලම ඉක්මවා නොයන්නේ, ඒ කරත්තය නගරයට ඇතුලු කිරීමට උවමනා අවසරපත තමාට නැතිබැවිණි. වැඩි මුදලක් ගෙවා ලබාගතයුතු ඒ අවසර පත ප්රයෝජනවත්වනුයේ උපාලිස්ට නොව, උදේ වරුවේ පටන් හවස් වන තෙක් ගාලූ නගරයෙහිම දිවෙන කරත්ත කාරයන්ට පම්ණි.
විසි අවුරුද්දකටත් වැඩි කලක් ඉරිදා හා සෙනසුරාදා හැර අනිත් දවස් වල ගාල්ලේ කඩකත අසලට කරත්තය පදවූ උපාලිස්ගේ දවස් පතා ආදායම රුපියල් දෙක ඉක්ම වූයේ කලාතුරකිනි. ඔහු කඩවතට නොයන දවස් වලින් පසලොස්වක පෝයට අසුවන ඉරිදා දවසක් හැර අනික් ඉරිදා දවස් වල අඹරාව නැති බරබාගයක හඳයා බැඳ ඌ ලවා පොල්ලෙලී ඇද්දුවේය. ඇතැම්විට හුනුගල් ඇද්දුවේය/
උපාලිස් හුරතල් කලේ තමාගේ දරුවන් සමග නොව හඳයා සමගය. මසකටවරක් තෙල්ග පිසදමනුලබන උගේ ඇඟෙහි කිනිතුල්ලෝ බෝ නොවූහ. උගේ ඇඟෙහි ඇටමැස්සෙකු දුටුවිට ඔහු, බැඳිවදුනු මුවකු හඹන වැද්දෙකුමෙන් ඌ සෙවීය. දරුවෙකු හදන මවක මෙන් හඳයාට සාත්තුකල ඔහු ඌට කිසිකලෙක නොතැළුවේය. කරත්තෙහි බැඳි ඌ ගමන සීන් කල හැම විට ඔහු කලේ උගේ 'කිරිජ්ජ පල්ලට' කෝටුව යවා " හා පුතා යං " කියමින් කිතිකැවීම පමණි. ඉක්මන් කාරයෙකු " ටිකක් හයියෙන් දක්කපං" අණ කල හැමවිට උපාලිස් එය නෑසුනකුමෙන් රිය පැදවූයේය.
රියෙහි නැගුනු මගියෙක් ගවයා වේගයෙන් දුවන්නට වෑයම්කොට නොහැකිවූ ඇතැම්විටක උපාලිස්ට බැනවදී. උපාලිස් සිනාසෙමින් පාත්වී හඳයාගෙ කොන්දට අතගසා අනිත් අතින් ගත් කෝටුව උගේ දෙකකුල් අතරින් යවා " හා පුතා යං " යී කීය. ගමන ඉක්මන් කරවනු පිනිස කෝපයෙන් කතාකරන මගියාගෙ බස තේරුම් ගත්තාක් මෙන් හඳයාද වේගයෙන් දුවයි
" මුදලාලි යන්නේ උසාවියටද ? " යී උපාලිස් අසයි.
" ඔව් මිනිහෝ -අද නඩුවක් තියෙනවා"
" තව හුඟක්වෙලා තියෙනවා. මම අටට ඉසරවෙලා මුදලාලි මහත්තයා කඩවතට ලඟ බස්සබ්න්නම්" කියමින්, ඔහු පෙරදිග අහස බලයි.
" තාම හය හමාර උනෙ නෑ."
විසි අවුරුද්දකට වැඩි කලක් නියමිත වේලාවෙහි රිය පදවාගෙන ගාල්ලට යාමින් ලත් පුරුද්ද ඇති උපාලිස්, නැගෙනහිර පැත්තේ අහස බලා වේලාව නිවැරදිව කීමට දත්තෙකි. ඔහු අහස් අබලා වෙලාව කී ඇතැම්විටක මගියෙක් තම සාක්කුවෙන් ඔරලෝසුව ගෙන බැළුවේය. උපාලිස් කියූ වෙලාව ඔරලෝසුවේ වෙලාවට වෙනස්වූයේ ඉතා කලාතුරකිනි.
අද උපාලිස්ගේ මිදුලෙන් නික්මව ගමන්කල හඳයා, වරින්වර වල්ගය උස්සා තම කොන්ද හරහා යවනු බලාසිටි උපාලිස්ගේ බිරිඳ යලිත් මෙසේ කීවේය.
"දැන් ඌ නාකි. පිට පුරා මැස්සො වහනවා. ඌට හොඳට කන්න ලැබෙන්නෙත් නෑ. එක එක මිනිහා ඌව අල්ල බැඳගෙන වැඩ අරන් පුන්නක්කු ටිකක්වත් නොදී අතාරිනවා. දවස මුලුල්ලේම උලාකාලත් උට බඩ පුරවගන්න බෑ. උගේ ඇටකටු පෑදිලා - ඉරනම් ඇට දිරච්ච වැටක් වගේ."
"ඒක නිසා නොවෙන්න නම් ඌ විකිනීම වඩාත් නරකයි" උපාලිස් කීවේය. " ඌව අවුරුදු දොලක් පමන අපට විය කරලා අපට හම්බකරලා දුන්නා. අපි මෙහෙමවත් ජීවත්වෙන්නෙ ඌ නිසා......"
දෙපා නගා ගමන් නොකලහැකි කොරෙකු සේ ඇඳෙහි වැතිරීගත් උපාලි තමාවරක් මරණයෙන් බේරුනු සැටි සිහි කලේය. අට මසකට පමණ පෙර දවසක කඩවත බලා කරත්තය පදවාගෙන ගිය ඔහු බෝඹු ලීයට ගසාගත් පය ලිස්සීමෙන් පාරමැද ඇදවැටුනේය. ගලක් ගැසූ කලක මෙන් එවලේම රිය නොනැවතිනිනම්, ඒ රිය ගමන් කරන්නේ ඔහුගේ පපුව උඩිනි. රිය නැවතුනේ තමා " අපොයි " කියමින් වැටෙන හඬ ඇසූ ගවයා එහෙම්මම නැවතුනු හෙයිනියි. උපාලිස් හොඳින් දනී. බිම වැටීමෙන් කොන්ද බිඳුනු උපාලිස් හමසක් ගතකලේ මහත් වේදනාවෙනි. ඔහු දැන් ඇඳෙන් නගින්නේ මලපහ කරනු පිනිස පණී.
සැරයටියක් වහල්කොටගෙන පිට නමා දෙපා අද්දමින් යන ගමන කොතරම් අමාරු වූ වද ඔහු නොනවත්තයි. මලපහ කිරීමට තම බිරිඳ හෝ අනෙකුගේ උදවු සෙවීමට වඩා මියයාම හොඳයයි සිතන ගැමියෝ ගමේ හිඳ නොයති. උපාලිස් ඔවුන්ගෙන් එකෙකි.
මිදුලෙන් නික්ම ගොස් ගම්සබා පාරට බැස්ස හඳයා ඒ පාර අයිනෙහි වූ තන කන්නට වූවේය.
" හඳයාට කන්න පාර අයිනෙ තනකොළ නෑ. තනකොලළ නියගෙට යටවෙලා"යී හඳයා දෙස බලාගෙනඋන් බිරිඳ කීවාය. " ඌ කන්නෙ වේලිච්ච කොළ. එකක්වත් අහුලාගෙන කන්න මිනිස්සු ඌට ඉඩදෙන්නෙ නෑ. අන්න, නිනිහෙක් ඇවිත් ඌ බැඳගෙන් යන්න හදනවා."
" ගොහින් එපාය කියන්න" යී උපාලිස් කීය.
ඔහුගේ කුඩා දුව ගම්සබා පාරට දිවුවාය.
" තාත්තා කියනවා හඳයා අද බැඳගෙන යන්න එපා කියලා."
"ඇයි?"
" ඌට තනකොළ කන්න අරින්න. දවස් හතරකින් ඌට පුන්නක්කු ටිකක් දෙන්න බැරි උනා. පුන්නක්කු ගන්න සල්ලි නැතිනිසා"
" මම අද ඌට පුන්නක්කු ටිකක් දෙන්නම්. මගෙ පොල්ලෙලි ටික තොටුපලට ගෙනියන්න තියෙනවා"යී මැදිවියෙහි වූ ගැමියා කීය.
" අන්දෝ අයියාගෙ පොල්ලෙලි අද්දන්න වෙන ගොනෙක් සොයාගන්න. හඳයා බැඳගෙන යන්න එපා."
" මම මේ මාසයකින් හඳයාගෙන් වැඩක් ගන්න හිතුවෙ අදයි. තෙපානිස් සුමානෙකට දවස් දෙකක් තුනක් හඳයා බැඳගෙන ගොහින් පොල්ලෙලි අද්දනවා. අනික් මිනිස්සුත් සුමානෙකට සැරයක් දෙකක් උගෙන් වැඩ ගන්නවා . උන්නක්කු තියා වතුර පොදක්වත් උං දෙන්නෙ නෑ." යී කියමින් ගැමියා හඳයාගෙ ගෙල වටා රැහැන්පට බැන්ඳේය.
"අන්දො අයියට සල්ලි තියනකොට කුලීගෙවා පොල්ලෙලි අද්දන්න බරිද? හඳයා අතාරිනවාය කියා ජිවානිස් අදටත් බනිනවා. එයාට රස්සාව නැතිවී තියන්නෙ හඳයා නිසා යැයි එයා කියනවා...... ගමේ මිනිස්සු හඳයා පිං ගොනා කරගෙන තියන්නෙ, අපේ වැරැද්ද නිසායැයි එයා කියනවා."
" හදයා උපාලිස්ගෙ හරකා බව ගමේ කවුරුත් දන්නවා නෙව, දුප්පත් මිනිස්සු උගෙන් වැඩක් ගත්තම ඒකෙන් ලැබෙන පින උපාලිස්ට නෙව."
" මිනිස්සු ඌට වද දෙනවා. අනේ අන්දෝ අයියා අද හඳයා බැඳගෙන යන්න එපා" යී දැරිය ආයාචනා කලාය.
" මම පැයකින් හඳයා අතාරිනවා. පොල්ගෙඩි තුන්සීයක ලෙලි විතරයි මට අද්දන්න තියන්නෙ. ඉඳා සත පහක්. පුන්නක්කු රාත්තලක් ගෙනත් අද රෑට උට බොන්න දීපං."
ඔහු පැයකින් මුදාහැරියද ගවයා අනෙක් ගැමියකුගේ අතට හසුවන බව දැරිය දනී. ඇතැම්විට ඔහු තන කන්නෙ ගැලෙහි බැඳ සිටියදීය. ගැමියා ගෙල නවත්තා මදකට ඉවත්වූ වහාම හඳයා හොස්ස බිම ඔබවාගෙන පාර අයිනේ වන තණ පඳුරු උලා කයි. ගැමියෙකු උගෙන් වැඩක් නොගන්නා දිනක පමනක් ඌ බිම වැතිරී, විට සපන මැහැල්ලක මෙන්. සපය විකයි. උගේ හනුවට ඇඹරුම් ගල් දෙකක් මෙන් ඈත් මෑත් වනු උගේ හිසෙහි නහර වැල් පිම්ඹේමින් ඇකිලෙනු දුර සින්නා වූවද දකී. හපේ විකන ඌ ඇතැම්විටක වල්ගය ගසා අනතුරුව හිස ඇලකොට එක් අඟකින් තමාටම ඇනගනී. උගේ අඟට හසු නොවනු පිනිස ඇට මැස්සෝ ලෝම අතරින් හමෙහි අනික් තැනකට දුවයි.
මෙසේ විශ්රාම ගන්න හඳයා ඇතැම් විට ගැමි කොළුවන්ට හසුවෙයි. ගැමිකොලුවෝ පැයක් පමණ වෙර වෑයම් කොට හඳයා නගාසිටවා උගේ පිට නගිති. ඔවුන් හඳුනන ඌ, තමා වැතිරී උන් තැනින් නගින්නේ ඔවුන්ගේ කෑගෑම, ඇදීම, පෙරලෝම, මහා කන්දොසිරියාවක් වූ විට පමනි.. ඇමි කොළුවෙක් ඌ නගනු පිනිස අන් දෙකින් අල්ලා උගෙ හිස සොල්ලයි. උගේ හකුලාගත් ඉස්සරහ ගාතය ඇද දිගහරි. තවත් එකෙක් වල්ගය අදී. හඳයා තමා ලඟ සිටින කොල්ලෙකුට අනින්නෙ අනෙකකු වල්ගය ඇද්ද විට පමනි.
හඳය එදින වෙනදාට වඩා කලින් ගෙදර පැමින මිදුලෙහි වැතිර හිස සලමින් විට සපන්නට වූවේය. සොම්නසින් විට සපන මහල්ලෙකු මෙන් සෙමෙන් හනු සොලවන ඌ දුටු උපාලි සන්තෝස වූවේය.
කොන්ද බිඳී ඇඳෙහි වැතිරගන්නට පෙර උපාලිස් සතියකට වරක් හඳයා කරදියෙන් නෑවුවේය, උගේ ඇඟ උලමින් කිනිතුලන් උගුලවා උන් මුහුදෙහි දැමුවේය. උපාලිස් මෙසේ සාත්තු කරන විට පය නොසොල්වා සිටින්ට පුරුදුවුනු හඳයා වරින් වර තව සිවාමියා දෙස බලන්නෙ කලගුන සලකන ගොළුවකු ලෙසිනි.
" මම නැති දාට බොට සාත්තු කරනෙ කවුද?" යී අසමින් උපාලිස් සිනාසෙයි.
උපාලිස්ගේ දුව පුන්නක්කු වතුර හට්ටියක් ගෙනැවිත් හඳයා ලඟ තැබුවාය. වැතිර සිටියදීම ඌ එහි හොස්ස එබුවේය.
" ස්ස් රූස් - ස්ප් රුස්ස් - හුස්" හඬින් පුන්නක්කු උගුරු කිහිපයක් බිවු ඌ හිස පස්සට හරවා වැරෙන් ගැසුවේය. හොස්සෙන් වැල නොකැඩී පුන්නක්කු වතුර දැරියගේ හැට්ටය පලින් පල තෙමමින් ගොස් පොල්කුඩු අහුරක් සේ හඳයාගෙ පිටෙහි විසිරී සිටියේය.
" බොට පුන්නක්කු දෙන්න ආ නිසාද මගේ හැට්ටේ තෙමුවෙ" යී කියමින් ඈ හඳයාගෙ කම්මුලට පහරක් ගැසුවාය.
හඳයා යලිත් හට්ටියේ හිස ඔබාගෙන කටින් හුස්ම ඉහලට අදින්නට විය. ඌ මෙවර හදිස්සියේ හිස උස්සා දික් කොට පිම්බේය. දැරියගේ හැට්ටය යලිත් තෙමිනි. උරාගත් දිය සහිත තමාගෙ හට්ටය පලින් පල වසාගත් සිහින් පොල්කුඩු පැල්ලම් දුටු දැරිය කිපුනාය.
" උඹ මට අනින්නත් එනවා ' නිවටයා දැක්කම තමයි එළුවත් නිකට පාන්නෙ ! " යී කියමින් ඇය දිව ගොස් කෝටුවක්ගෙන හඳයාට පහරක් ගැසුවාය.
" උට ගහන්න එපා " යී උපාලිස් කීය. " ඌ අනින්න හැදුවා නෙමෙයි උගෙ පිටෙහි ඇට මැස්සෙක් ඇති ඌ කන වේදනාව නිසා අනින්න හැදුවා. ඉස්සරහ ඉන්නෙ නන්දාවතී බව දැනගත් හැටියේ අනින්න දික්කරගත් හිස ඌ පාත් කරගත්තා.
මැදියම් රැයටත් පෙර තදින් වස්සේය. බිරිඳ දිර හැර තම සැමියාට කතාකලාය.
"එන්න ගේ ඇතුලට.... බොහොම හීතල නෙවැ. එන්න ගෙන ඇවිත් ගේ අතුලෙ බුදිය ගන්ඩ."
"නෑ.... මට සීතලක් දැනෙන්නෙ නෑ. එලියෙම බුදියගෙන පුරුදුවෙලා දැං මට ගේ ඇතුලෙ බුදියගන්න බෑ. නින්ද යන්නෙ නෑ.
" නන්දාවතීගෙ තාත්තාට හුලං වැදෙන්න හොඳ නෑ. එන්න අද විතරක්වත් ගේ ඇතුලේ නිදාගන්න. නින්ද නොගියත් කමක් නෑ. " බිරිඳ යලිත් කීවාය
ගේ ඇතුලට වී නිදන්නට උපාලි කැමති නොවීය. බිරිඳ දල රෙද්දක් ගෙනවිත් තම සැමියාගෙ බෙල්ලේ සිට දෙපාතෙක් වසා පෙරෙවුවාය.
" ඇවිලිල්ල හැදිලා මාස තුනක් උනේ නා. ඇවිලිල්ල අඩස්සිය වෙන්න පුලුවන් නිසා පරිස්සම් වෙන්න යයි වෙද මහත්තයා කිවුවා මතක නැද්ද? මමනම් කැමතී ' මෙයා ගෙට අවිත් නිදගන්නවනම්..., "
" නෑ - මට එලිය හොඳයි. නන්දාවතීලගෙ අම්මා ගිහින් බුදියගන්න. රෙද්ද පෙරෙවුව් නිසා දං සීතල දැනෙන්නෙ නෑ" යී ය්පාලිස් කීය.
අතුපතර සොලවා ගුම් නගමින් සැඩ සුළඟ පමනක් මද වේලාවකින් නැවතිනි. බල්ලෙකු ඇඟ සොලවා කන්පට ගසන හඬ ඇසූ උපාලිස් ඌ එලවීමට නොසිතුවේය. වැස්සෙන් නොතෙමී බේරෙනු පිනිස ඉස්තෝප්පුවේ මුල්ලකට වදුනු බල්ලා කෙඳිරිගානු උපාලිස්ට අසේ. දැඩි සීතල වලකනු පිනිස වක ගසාගත් කඳද හකුලාගත් කකුල්, වල්ගය හා හිසද ඇති බල්ලාගෙ ස්වරූපය උගේ කෙඳිරිය ඇසූ උපාලිස්ගේ මන්සෙහි පහලවිය. කෙල ගනන් කස පහර ලබන්නාක් මෙන් වැසි දිය පහර ලබන පියස්සත්. බිත්තිත්, ගස්කොළනුත් හඬනු උපාලිස්ට ඇසේ. කොරෙකු වන්නට පෙරද ඉස්තෝප්පුවෙහි මේ ඇඳෙහිම නිදීමෙන් ලත් අද්දැකීම් ඇති උපාලිස්, චන්ඩ මාරුතය, මහවැස්ස, අඳුර යන තුනට අසු වූ ජගතෙකුගෙ බිහිසුනු වේශය මනසින් නොදකී.
ගෙයි පැල දොර මිදුලෙහි ලැගවුන් හඳයා නැගි විතක්කනට වී එලිය වැටෙන යාමය තෙක් අතර පයින් සිටියෙය. එලිය වැටෙත්ම ඌ වෙනදා මෙන් සෙමෙන් ඉස්තෝප්පුව දෙසට ගොස්. උපාලිස්ගේ කකුලක් ලෙව කෑවේය. එහෙත් උපාලිස් අවදි නොවූවේය. ඌ දෙතුන් වරක් තම ස්වාමියාගේ කකුල ලෙවකා. අනතුරුව ඉස්තෝප්පුවට නැග්ගේය. මැගි ඇඳට ලංවී ඔහුගේ හිස ලෙවකෑවේය. වෙනදාමෙන් උපාලිස් අවදි නොවූවේය. ඌ අනතුරුව ඔහුගේ අතක්ද, කම්මුලක්ද ලෙවකෑවේය. ඇඳෙයි වැතිර නිසොල්මන්ව ඉන්නා තම ස්වාමියා දෙස අදවෙආවක් බලාසිටි හඳයා අනතුරුව බැලුවේ ගෙයි දොර දෙසය. හඳයා ගෙපිලට නගින හඬ අසා අවදිවුනු ගෘහනිය දොර ඇරගෙන ඉස්තෝප්පුවට බැස්සාය. දියෙහි බහාගත් කපු කූඩයක්සේ තෙත්වුනු පොළොවත් ගස් වල පින්නත් පිසගෙන එන වාතය ආශ්වාස කිරීමෙන් තෙත්වුනු ඇගේ දෙනාසපුඩින් නික්මුනේ කිවිසිල්ලකි. ඉඳහිට හමන සුළඟින් හෙලවෙන අතු ඉති සහිත ගස්කොලන්, තෙමුනු පිහාටු පුම්බන කුරුල්ලන්ගේ බඳවල් සේ පිම්බේ. තෙතමනයෙන් බරවූ වායු පටලය අතරි එන කපුටන්ගේ හඬත් කුරුල්ලන්ගේ ගීතයත් ගනියට ඇසෙන්නේ බොල් හඬිනි. ආන්තරායක් ඉවවැටුනු සතෙකු මෙන් ආ තම සැමියා නිදන ඇඳ දෙස බැලුවාය. ඇඳෙහි වැතිර නිසොල්මන්ව ඉන්නා තම සැමියාට ලං වූ ඇඟේ ඇස් එහි ලොඳ එලියට පෙන්වන්න තරම් විහිදින.
"අපෝයි- යී......"



Comments
Post a Comment