Skip to main content

Posts

මාටින් වික්‍රමසිංහ මහතාගෙ කෙටිකතා

                                       වහල්ලු          හඳයා, උපාලිස්ගේ කකුල ලෙවකෑවේය. නින්දෙන් අවදි වුණු ඔහු පළමුව තම දෙපා දෙස බැලුවේ කෝපයෙනි. ඌ යලිත් ඔහුගේ කකුල ලෙවකෑවේය . කඳුළෙන් තෙත් වුණු මහල්ලකුගේ දෙඇස සිහි කරවන උගේ දෙඇසත් තමාදෙසට හරවනලද සැලෙන මස්පිඩු සහිත හොම්බත් දුටු උපාලිගේ කෝපය මැඩගෙන නගින්නේ කාරුණික හැඟීමකි.                        "වරෙන් - වරෙන් - මෙහාට වරෙන්... " යි ඔහු සෙමින් කීවේය. හඳයා තම ඉස්සරහ ගාත් දෙකකින් එකක් සෙමින් ගෙපිලෙහි තැබුවේය. අනතුරුව අනික් ගාතයද , ඉතා අමාරුවෙන් පස්සාගාතයද, උස්සා ගෙපිලෙහි තැබුවේය. ඌ අනික් පස්සාගාතයද තබා ගෙපිළට න්ගුණේ කන්දකට නගින්නකුමෙන් මහන්සිවීමෙනි.                                                          ...

ජීවිතය යනු කුමක්ද?

                            ජීවිතය යනු කුමක්ද? ජීවිතය සහ ජීවත්වනවා යනු, මේ මහ පොළොව මත සිටින කාලය තුළ දී අත් විඳින්නට වන කරුණූකාරනා වලට මුහුනදෙමින්, එළැඹෙන ගැටලුවලට උත්තරසොයමින් නොනවත්වා යන ගමනකි. ජීවත්වීම, ඉවසීමෙන්, කැපවීමෙන් සහ සැලකිල්ලෙන් ජයගතයුතු අභියෝගයක් මිස හිතුවක්කාර කමින් හා අලස කමින් අනාථ කර ගරතයුත්තක් නොවේ.                                              ජීවිතය සෑදී ඇත්තේ දුක සහ සතුට එකතුවීමෙනි. මේ ශරීරකූඩුව නිවසක් නම්  එහි ගෙබිම වනාහි දුක ය. සතුට යනු පියස නොහොත් එහි වහලයයි . දුක ඇසුරු නොකර එහි පහස නොවිඳ , සතුටේ උණූසුම පතන්නෝ ජීවිතයේ දුර, වටිනාකම නොදන්නෝය. දුකින් සැප හෝ සැපෙන් දුක වෙන්කර ජීවත් විය නොහැක.                                  දුක සැප නිති පෙරළේ.....         ...