Skip to main content

Posts

Showing posts from May, 2020

මාටින් වික්‍රමසිංහ මහතාගෙ කෙටිකතා

                                       වහල්ලු          හඳයා, උපාලිස්ගේ කකුල ලෙවකෑවේය. නින්දෙන් අවදි වුණු ඔහු පළමුව තම දෙපා දෙස බැලුවේ කෝපයෙනි. ඌ යලිත් ඔහුගේ කකුල ලෙවකෑවේය . කඳුළෙන් තෙත් වුණු මහල්ලකුගේ දෙඇස සිහි කරවන උගේ දෙඇසත් තමාදෙසට හරවනලද සැලෙන මස්පිඩු සහිත හොම්බත් දුටු උපාලිගේ කෝපය මැඩගෙන නගින්නේ කාරුණික හැඟීමකි.                        "වරෙන් - වරෙන් - මෙහාට වරෙන්... " යි ඔහු සෙමින් කීවේය. හඳයා තම ඉස්සරහ ගාත් දෙකකින් එකක් සෙමින් ගෙපිලෙහි තැබුවේය. අනතුරුව අනික් ගාතයද , ඉතා අමාරුවෙන් පස්සාගාතයද, උස්සා ගෙපිලෙහි තැබුවේය. ඌ අනික් පස්සාගාතයද තබා ගෙපිළට න්ගුණේ කන්දකට නගින්නකුමෙන් මහන්සිවීමෙනි.                                                          ...